-4.8 C
New York

කොරෝනා මර්ධනයට දුන් එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි

Published:

කොරෝනා මර්ධනය සඳහා ‍යොදාගත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවීමට දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය තීරණය කර තිබේ.

එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටිගැසීම් සිද්ධි කිහිපයක් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. මෙය භාවිතය මුළින්ම අත්හිටුවන ලද්දේ ඇමෙරිකාවයි. ඇමෙරිකාවේ පුද්ලයන් ලක්ෂ 60කට පමණ මෙම එන්නත ලබාදී ඇති අතර ඉන් රුධිර කැටගැසීමේ සිදුවීම් 06ක් වාර්තාවීම හේතුවෙන් ඇමෙරිකාව පළමුව මෙම එන්නත භාවිතය තාවකාලිකව නවතා දැමිණි.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා විකෘති ප්‍රභේදයට අනෙක් එන්නත්වලට වඩා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ප්‍ර‍තිරෝධී බව සනාථ වීම හේතුවෙන් එම එන්නත මුලින්ම භාවිතයට ගන්නා ලද්දේ දකුණු අප්‍රිකාව විසිනි. එරට සෞඛ්‍ය සේවකයන් ලක්ෂ 03කට පමණ දැනටමත් මෙම එන්නත ලබා දී ඇත. යුරෝපා සංගමය පවසන්නේ දැනට ලැබී ඇති දත්ත අනුව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතය තාවකාලිකව නතර කළ ද ඉදිරියේ දී ඒ සම්බන්ධ අවසන් තීරණය ගන්නා බවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඇමෙරිකාව හා යුරෝපා සංගමය ඉදිරිපත් කරන වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවයි.

Related articles

Recent articles

spot_img