-5.9 C
New York

කොරෝනා තවත් විකෘති ප්‍රබේදයක් හමුවෙයි

Published:

බ්‍රසීලයෙන් කොරෝනා වයිරසයේ තවත් නව ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද 18ක් මේ වනවිට ලොව රටවල් කිහිපයකින් සොයාගෙන තිබේ.

බ්‍රසීලයේ Bell Horizonte නගරයෙන් පළමු වරට හඳුනා ඇත. 

මෙම නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ ලක්ෂණ කිහිපයක් දක්නට ලැබෙන බවත් බ්‍රසීලයේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමට මෙම නව ප්‍රභේදය බලපා තිබෙන්නේ ද යන්න පිළිබඳ මේ වනවිට එරට ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ වයිරසවේදය සම්බන්ධ විශේෂඥවරයකු වන රේනාටෝ සන්ටානා‍ගේ ප්‍රධානත්වයෙන් පර්යේෂණ ආරම්භකර තිබේ.  

ඊයේ (13) දිනයේදී බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 80,157 දෙනෙක් වාර්තා වී ඇති අතර එරට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,601,566ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රසීලයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 3,687ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 358,718ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට රජය නිවේදනය කර ඇත.

Related articles

Recent articles

spot_img