-4.8 C
New York

ප‍ොලිස් නිලධාරියාට පහරදුන් රියදුරකු අත්අඩංගුවට

Published:

කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් කොළඹ දෙසට වාහනයක් ඇතුල් කිරීමේ දී පොලිසිය දුන් උපදෙසකින් කෝපයට පත්වී සාපරාධී බලහත්කාරය පෑමක් සහ පහරදීමක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපි රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඊයේ (13) සවස එම රථය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමේ දී වාහනයේ ආරක්ෂක බඳපටි පැළඳ ගන්නා ලෙස  පොලිස් නිලධාරීවරයා එම රියදුරාට උපදෙස් දී තිබේ. එම අවස්ථාවේ දී කෝපයට පත් රියදුරා අදාල නිලධාරියාට පහරදී ඇතැයි පොලිසිය පවසයි. සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඔහු අද (14) අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related articles

Recent articles

spot_img