spot_img
spot_imgspot_img

“අහිමි රන් පුරය” වසර 3000කට පසු මතුවෙයි

පුවත්

විදෙස්

වසර 3000කට වඩා පැරණි ඊජිප්තු නගරයක් මතුකරගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

මෙම නගරය සොයා ගැනීම ටුටන්කාමන්ගේ සොහොන සොයා ගැනීම තරම් වැදගත් බව පර්යේෂකයන්ගෙග් මතය වී තිබේ.

ඊජිප්තුවේ ඓතිහාසික කරුණු පළිබඳ අධ්‍යයනය කරන ෂහි හවාස් Zahi Hawass නමැති පුරාවිද්‍යාඥයා පවසන්නේ මෙය මෑත කාලීනව සොයාගන්නා ලද පැරණි නගර අතරින් විශාලතම නගරය බවයි. ලුස්කෝර් (Luxor) ප්‍රදේශයෙන් හමුවී ඇති මේ නගරය ඇතෙන් (Aten) ලෙස හඳුනාගෙන ඇති අතර ෂහි හවාස්ට අනුව එය “අහිමි රන් පුරවරය” කි. (“lost golden city”)

හවාස් පවසන්නේ මේ ස්ථානයේ කැණීම් ආරම්භ කළේ 2020 සැප්තැම්බර් මාසයේ දී බවයි. කැණීම් ආරම්භ කර සති කිහිපයකින් පැරණි නගරයේ නටඹුන් හමුවී තිබේ. ඊජිප්තුවේ සිටි පාරාවෝ රජකු වූ තුන්වෙනි ආමෙන්හෝටෙප් විසින් ක්‍රිස්තු පූර්ව 1391-1353 කාලයේ දී මේ නගරය ඉදිකර ඇතැයි විශ්වාසයක් පවතී.

පාරාවෝ රජවරුන් විසින් ඉදිකර ඇති මේ නගරය පිහිටා ඇත්තේ ‘රජුන්ගේ නිම්නය'(alley of the Kings) ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේය. නගරය පිහිටා ඇත්ත් ද 1922 වර්ෂයේ සොයාගන්නා ලද සොහොන් බැබට ආසන්නයෙනි.

 

මේ පිළිබඳ අදහස් දක්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය බෙස්ටි බ්‍රයන් (Betsy Brian) පවසන්නේ ඊජිප්තු ඉතිහාසායේ වඩාත්ධනවත්ම අවධියේ එහි ජීවත් වූ ජනතාව ජීවත් වූ ආකාරය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මේ නටඹුන් නරගයෙන් සොයාගත හැකි බන බවයි.

මෙම නගරයේ කරන ලද ගවේෂණවලින් රන් ආභරණ, විවිධ වර්ණ ගන්වන ලද මැටි නිර්මාණ, තුන්වැනි ආමෙන්හොටේප් පාරාවෝ රජුගේ නිල සළකුණ තැබූ භාජන ආදිය හමුවී තිබේ.

“මේ නගරයේ නටඹුන් ඉතාමත් හොඳින් ආරක්ෂාවී තිබෙනවා එය විශාල නගරයක්. තවමත් ඉන් මතුකරගෙන තිබෙන්නේ කො‍ටසක් පමණයි. මේ නගරයේ තිබූ ගොඩනැගිලි ඇතුළත කාමර එකල ජනතාවගේ දෛනික අවශ්‍යතා සඳහා භාවිතා කළ උපකරණවලින් පිරී තිබුණා. මීට පෙර අවස්ථා කිහිපයක් ම මේ නගරය සොයා කැණීම් සිදුකළත් සොයාගැනීමට නොහැකි වුණා. දැනට අපි බේකරියක්, පරිපාලන කලාපයක් සහ මහජනතාවගේ නිවාස පිහිටා තිබූ භූමියක් ද සොයාගෙන තිබෙනවා.” යැයි ගවේෂණය සිදුකළ ෂහි හවාස් පවසයි.

https://www.nbcnews.com/news/world/inside-egypt-s-3-000-year-old-lost-golden-city-n1263585

https://www.theguardian.com/world/2021/apr/09/lost-golden-city-ancient-egypt-aten-discovered

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!