-5.9 C
New York

GMOA රෝහල් පරිපාලනය අවුල් කරන බවට චෝදනාවක්

Published:

වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්කිරීම සඳහා ඇති ගැසට් නිවේදනය අහෝසිකරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිනියට බලපෑම් කරන බවත්, එම නිවේදනය අහෝසිකර තම හිතවතුන් අදාල තනතුරු සඳහා පත්කර ගැනීම ඔවුන්ගේ යටි අරමුණ වී ඇතැයි ද වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය චෝදනා කරයි.

වෛද්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරා සුදුසුකම් ලබන නිලධාරීන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්කිරීමේ දී ප්‍රමුඛතාව් දිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ. නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ විශේෂිත මහජන සෞඛ්‍ය ආයතනවල තනතුරු 18ක් සඳහා පත්කිරීමේ දී ප්‍රජා සෞඛ්‍ය පශ්චාත් උපාධිධාරීන්ට පුමුඛතාව ලබාදිය යුතු බවත් ඉතිරි නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු සඳහා පත්කිරීමේ දී වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත් නි‍ර්දේශ කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය අහෝසිකර සුදුසුකම් ලත් පරිපාලන වෛද්‍ය නිලධාරීන් සිටියදී තම සාමාජික සාමාජිකාවන් මෙ තනතුරු සඳහා සුදුසුකම් නැතැත් පත්කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස බව වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය පවසයි.

Related articles

Recent articles

spot_img