spot_img

දැරියක හැප්පූ කතක් තමන්ට පොලිස් ලොක්කන් ඉන්වා යැයි ගර්ජනා කරලා

පුවත්

විදෙස්

පේරාදෙණියේ දී කුඩා දරුවකු හප්පා පළා යමින් තිබූ රථයක් පැදවූ කාන්තාවක් තමන්ට හිතවත් පොලිස් ලොක්කන් ගැන කියමින් වරද පෙන්වාදුන් පුද්ගලයන් වීඩියෝ කරපු සිද්ධියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

මෙය සිදුව ඇත්තේ පේ‍රාදෙණිය උඩපාරේ දී ඊයේ (12) දින දී ය. ඩෙවෝන් ආයතනය ළඟින් පාරට ගැනීම සඳහා වේගයෙන් පසුපසට ධාවනය කළ රථයේ එතැන සිටි කුඩා දියණියක් ගැටී ඇත. ඒ ගැන නොතකා ඉදිරියට ධාවනය කළ ඇය නවත්වාගෙන ඇත්තේ රථය පිටුපසින් දිව ගොස් පැති කණ්ණාඩියට වැරෙන් පහරක් ගැසීමෙනි. සිදු වූ දේ කියූ විට

“ආ ළමයාව දැක්කේ නෑ.” යැයි ඇය පවසා තිබේ.

මේ නවීන පන්නයේ රථය පිටුපසට ධාවනය කිරීමේ දී ඒ පිටුපස දර්ශන දැකගැනීම සඳහා අවශ්‍ය කැමරා සවිකර තිබේ. එවැනි අවස්ථාවක දී පිටුපසින් සිටි දැරියක නොදැකීම ඇයගේ වරදකි. තම වරද ගැන කණගාටුව හෝ ප්‍රකාශ නොකළ මේ කාන්තාව අනතුරට ලක්වූ දියණියගේ දෙමාපියන්ට පවසා ඇත්තේ “මට පොලිස් ලොක්කෝ ඉන්නවා” යනුවෙනි. එමෙනම් අනතුරට ලක්වූ දියණියගේ මා පියන්ද ඇය විසින් වීඩියෝ කර ඇත.

මේ පිළිබඳ පොලිස් ලොක්කන්ගේ අවධානය යොමුවන ආකාරය පිළිබඳ අපි විමසිල්ලෙන් සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles