spot_img

කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ප්‍රමාද කළ හැකිදැයි තීරණය අද රැස්වීමක දී

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලාදීම තවදුරටත් පමා කරනවා ද යන්න පිළිබඳ අද (12) සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

මෙම තීරණය ගැනීම සඳහා විශේෂ කමිටු සාකච්ඡාවක් අද පැවැත්වෙන බවත් දැනට දෙවන මාත්‍රාව ලබාදීම පළමු එන්නතින් සති 10-12ත් අතර කළ යුතු යැයි නිර්දේශයත් ඇති බවත් ඒ මහතා පවසයි. එසේ වුව ද ගෝලීය වශයෙන් කොකරෝනා වසංගත තත්ත්වය පවතින ආකාරය අධ්‍යයනය කර දෙවැනි මාත්‍රාව සති 10න්, 12 හෝ ලබා දෙනවා ද නැතිනම් ඊටත් වඩා ප්‍රමාද කරනවාද යන්න අද තීරණය කරන බව හෙතෙම පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ දැනට එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් 230,000ක් ශ්‍රී ලංකාව තුළ ඇති බවයි. කොවිෂීල්ඩ් එන්නතේ තවත් තොගයක් අප්‍රේල් මස අවසානයේ ලැබෙන බව ද හෙතෙම සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles