-4.8 C
New York

රුපියල් 5000ක් හිමිවන අය මෙන්න

Published:

අලුත් අවුරුදු උත්සව සමයේ රුපියල් 5000.00ක දීමනාවක් ලබාදීමට අදාල චක්‍රලේඛය රජය විසින් නිකුත් කර ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට මෙම දීමනාව ලබාදෙන බව රජය පවසයි.

ඒ අනුව ප්‍රතිලාභ හිමිවන පවුල් කාණ්ඩ 07ක් නම්කර ඇත.

සමෘද්ධි හිමිකරුවන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටි දීමනා හිමිකරුවන්, වකුගඩු රෝගී දීමනා හිමිකරුවන්, ආබාධිත පුද්ගලයන්, වර්ෂ 100 ඉක්මවූ වැඩිහිටි දීමනා හිමිකරුවන් සහිත පවුල් සඳහා මෙම දීමනාව ලබා දෙයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ ප්‍රතිලාභ සඳහා හිමිකම් කිව හැකිවන්නේ එක් ඛාණ්ඩයක් යටතේ පමණක් බව ද එම චක්‍රලේඛයේ දක්වා ඇත. එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛනයේ එක් ගෘහ මූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටින නමුත් අනු පවුල් ලෙස ජීවත්වන පුද්ගලයන්ට ද ගෙවීම් සිදුකරයි.

රජය පවසන්නේ හෙට (12) සිට රුපියල් 5000.00 දීමනාව ලබා දෙන බවයි.

Related articles

Recent articles

spot_img