-4.8 C
New York

ආණ්ඩුවේ පක්ෂ අර්බුද විසඳීම අගමැති මහින්දට පැවරෙයි ?

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යළි එකතු කිරීමට අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනි දා පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙවර මැයි දිනය සැමරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනමත් අනෙකුත හවුල්කාර පක්ෂ වෙනමත් සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි කතා බහක් හටගෙන තිබේ.

පසුගිය 08 වැනි දා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබිණි. ආණ්ඩුවේ ප්‍රකාශකයන් වසන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් පක්ෂ අතර ඇතිවී තිබෙන මතවාදී ගැටුම් හේතුවෙන් මෙවැනි සාකච්ඡාවක් සිදුවූ බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණය ගනු ඇත්තේ ලබන 19 වැනි දින දී ය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය වෙන වෙනම මැයි රැළිය පවත්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම තනිවම මැයි දිනය පැවැත්වීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සංවිධානය කිරීම සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් මැයි දින කමිටුවක් ද පත්කර තිබේ.

Related articles

Recent articles

spot_img