spot_img
spot_imgspot_img

SOLO අවුරුදු පොළ හෙට මාතර නගරයේ දී

පුවත්

විදෙස්

දකුණේ සාර්ථක සුළු පරිමාන ව්‍යවසායකයන් සම්බන්ධවන SOLO අවුරුදු පොළ හෙට (10) මාතර අනගාරික ධර්මපාල මාවතේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හළ ඉදිරිපිට දී පැවැත්වේ.

හැටන් නැෂනල් බැංකුවේ මාතර ශාඛාව විසින් මෙම අවුරුදු පොළ සංවිධානය කරන අතර මීට ඉහත වසරවල දී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පවත්වනු ලබන හොඳම ව්‍යවසායකයන්ගේ ප්‍රදර්ශනය වෙනුවට මෙලෙස පළාත් මට්ටමින් අවුරුදු පොළ පැවැත්වීමට හැටන් නැෂනල් බැංකුව කටයුතු කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම අවුරුදු පොළ සඳහා සහභාගීවන ව්‍යවසායකයන් සියලුම දෙනා හැටන් නැෂනල් බැංකුවේ “ගැමි පුබුදුව” ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ තම ව්‍යාපාර සඳහා ණය මුදල් ලබාගෙන ඒ තුළින් ජීවිතය ජයගත් ව්‍යාපාරිකයන් වීමයි.

1989 වර්ෂයේ ආරම්භ කර ඇති “ගැමි පුබුදුව” ණය යෝජනා ක්‍රමය යටතේ 2020 වර්ෂයේ දී පමණක් දකුණු පළාතේ ව්‍යාපාරිකයන් 4000කට වැඩි පිරිසකට රුපියල් බිලියන 3.58 ක ණය ප්‍රධානය කර ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාරවල ස්වභාවය අනුව ලක්ෂ 50ක් දක්වා ණය පිරිනමා තිබේ.

හෙට පැවැත්වෙන SOLO අවුරුදු පොළ සංවිධානය කරන හැටන් නැෂනල් බැංකුවේ රෝහණ යගමුණි කියා සිටියේ අවුරුදු කාලයට අවශ්‍යවන නිෂ්පාදන හා සේවාවන් සපයන ව්‍යවසායකයන් සඳහා වෙළෙඳ පොළ අවස්ථා සපයා දීම සහ ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාමෙන් මෙම අළෙවි පොළ සංවිධානය කළ බවයි. එහි දී ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි තෝරාගත් ව්‍යවසායකයන් 40කට පමණ මෙම අවස්ථාව ලබා දී තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අවුරුදු ඉලක්ක කරගත් ව්‍යවසායකයන් සඳහා අපි මේ අවුරුදු පොළ සංවිධානය කළා. වෙනදා සෑම වර්ෂයක ම අපි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ව්‍යවසායක ප්‍රදර්ශනයක් පවත්වනවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කිරීමට බැංකුව තීරණය කළා. ඒ අනුව තමයි මේ අවුරුදු පොළ සංවිධානය කළේ. මේ වනවිට මහ බැංකුව විසින් හඳුන්වාදී තිබෙන ලංකා QR ගෙවීම් ක්‍රමයේ අපේ බැංකුව විසින් හඳුන්වාදුන් SOLO App ක්‍රමය ප්‍රවර්ධනය කිරීමත් මෙහි දී සිදුවෙනවා. එය ව්‍යාපාරිකයන් අතරට වගේම පාරිභෝගියකයන් අතරටත් යැවීමෙන් මුදල් රහිත සුරක්ෂිත ගනුදෙනු ක්‍රමයක් ස්ථාපනය වෙනවා. මෙය SOLO අවුරුදු පොළ කිය නම් කර තිබෙන්නේත් ඒ නිසා”

හෙට මාතර දී පැවැත්වෙන SOLO අවුරුදු පොළේ දී තමන්ගේම ව්‍යාපාර ආරම්භ කර ගැමි පුබුදුව ණය යෝජනා ක්‍රමය යටතේ සාර්ථක ව්‍යවසායකයන් බවට පත්ව සිටින දකුණේ ව්‍යවසායකයන්ගෙන් අවුරුදු අවශ්‍යතා සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව සැලසෙයි.

මෙම අවුරුදු පොළේ රෙදිපිළි, කුළුබඩු, කිරි නිෂ්පාදන, රස කැවිළි සහ බයිට් වර්ග, සම් භාණ්ඩ, කිතුල් පැණි හා හකුරු, මල් පැල, සෙල්ලම් බඩු, පිත්තල හා තඹ භාණ්ඩ, පළතුරු නිෂ්පාදන, හිරමණ ඇතුළු මුළුතැන්ගේ උපකරණ ඇතුළු බොහෝ දේ මිලදී ගැනීමට අවස්ථාව උදා වෙයි.

එමෙන්ම අවුරුදු පොළට පැමිණෙන ගනුදෙනුකරුවන් සඳහා SOLO App හඳුන්වාදීමට අමතරව “ගැමි පුබුදුව” ණය යෝජනා ක්‍රමය සම්බන්ධ අවබෝධයක් ලබාදීමට එවැනි ණය ක්‍රමයකින් තම ව්‍යාපාර දියුණු කරගැනීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබා දී ම ද හැටන් නැෂනල් බැංකු සේවකයන් විසින් සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!