spot_img
spot_imgspot_img

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

පුවත්

විදෙස්

යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසයි. අද (09) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

යුද්ධය පැවැති කාල‍යේ දි කොටි සංවිධානයේ පොලිස් නිලධාරීන් යැයි හැඳින්වූ කණ්ඩායමක් විසින් භාවිතා කළ නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පුද්ගයන් කිහිප දෙනකු නගර සභාව මගින් රාජකාරියේ යෙදවීමෙන් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබල දීම සිදුකර ඇතැයි සැකපිට නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මෙවැනි නිල ඇඳුමකින් සැසුණු පුද්ගලයන් 05 දෙනකු යාපනය නගරය ආසන්නයේ රාජකාරී සඳහා යොදවා තිබූ බවයි. මේ පිළිබඳ විමර්ශනය කිරිමේ දී, එම පුද්ගලයන් 05 දෙනා තාවකාලික පදනම යටතේ නගර සභාවට බඳවාගෙන නිල ඇඳුමක් ද නිර්මාණය කර සේවයට යොදවන ලද්දේ නගරාධිපතිවරයා විසින් බව අනාවරණය වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!