-4.8 C
New York

බීමතින් රිය පැදවූ පොළොන්රුවේ හිමිනමකට කොළඹ දී ඉගැන්වූ අපූරු පාඩම (වීඩියෝ)

Published:

පොළොන්නරුවේ විහාරස්ථානයක වැඩ වාසය කරන බව පවසන චීවරධාරියකු කොළඹ දී බීමතින් රිය පදවා දහස් ගණනක් මිනිසුන් යන එන මාර්ගයේ දී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ප්‍ර‍ේදශවාසීන් ඔහුගේ වරද පෙන්වාදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

මේ පුද්ගලයා පවසන්නේ තමන් පොළොන්නරුවේ විහාරස්ථානයක හිමිනමක් බවයි. නවීන සුඛෝපභෝගී රථයකින් කොළඹ පැමිණ බීමත්ව මෙලෙස ප්‍රදේශවාසීන්ට හසු වී තිබේ. එම අවස්ථාවේ රිය පදවාගෙන පැමිණ ඇත්තේ එම චීවරධාරියා විසිනි. කතා කරගැනීමට පවා අපහසුවන තරමට බීමත්ව සිටි මෙම පුද්ගලයා සමඟ රථයේ තවත් අයකු සිටියි. ඔවුන් සතුව තවත් මත්බැන් බෝතලයක් තිබෙන අයුරු ද වීඩියෝ පටයේ දැක්වෙයි.

එම වීඩියෝ දර්ශනය පහතින්

Related articles

Recent articles

spot_img