spot_img
spot_imgspot_img

බැන කෑ ගසා ගැනීම් නිසා පාර්ලිමේන්තුව කල් තබයි

පුවත්

විදෙස්

රන්ජන් රාමනායකට මන්ත්‍රී ආසනය යළි ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම විරෝධතා දැක්වීම හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලන කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලි‍මේන්තුවේ කටයුතු විනාඩි 05කට කල් තබනු ලැබීය.

මේ අවස්ථාවේ දී “බල්ලා”, “බූරුවා”, “මෝඩයා”, “පරයා” වැනි වචන ද දෙපිරිස අතර හුවමරු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දක්වමින් තමන්ට කැලෑ උසාවියකින් දඬුවම් දී ඒ සම්බන්ධ අභියාචනා තුනක් ඉදිරිපත් කර තිබිය දී පාර්ලිමේන්තුවට ඒමට එවකට කතානායක වූ චමල් රාජපක්ෂ ඉඩ නොදුන් බව කියා සිටියේය.

නමුත් ඊට එරෙහිව අදහස් ප්‍රකාශකළ චමල් රාජපක්ෂ කියා සිටියේ “එන්න ඉඩ දුන්නේ මමයි” යනුවෙනි. මේ අවස්ථාවේ දී ආවේගශීලී වූ චමල් රාජපක්ෂ සරත් ෆොන්සේකාට “ඔතැනින් එළියට එන්න. අපි එළියේ දී බලාගමු” යැයි කීවේය.

සරත් ‍ෆොන්සේකා මන්ත්‍රීවරයා ද ඊට ප්‍රතිචාර දැක්වීමත් සමඟ සභාව එක ගාලගෝට්ටියක් බවට පත්විය. මේ සමඟම පාර්ලිමේන්තුව විනාඩි 05කට කල් තබන බව ප්‍රකාශ කළ කතානයාකවරයා ඉවත්ව ගිය ද ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ඉවත්ව නොගොස් සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසන්නට වූහ.

ඉන් පසු රැස්වූ පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු‍ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!