-4.8 C
New York

මුස්ලිම් සංවිධාන 11ක් අන්තවාදී යැයි තහනම් කරයි

Published:

අන්තවාදි ක්‍රියාකාරකම්වල යෙදී ඇතැයි හඳුනාගත් මුස්ලිම් සංවිධාන 11ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය දුන් බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න පවසයි.

මේ අනුව එම සංවිධාන මෙරට ප්‍රවර්ධනය කිරීම, රැස්වීම් පැවැත්වීම, සාමාජිකයන් බඳවා ගැනීම, සාකච්ඡා, සමුළු හා වැඩමුළු පැවැත්වීම, සමරු උත්සව පැවැත්වීම ඇතුළු කිසිම ක්‍රියාකාරකමක් තහනම් වේ.

එම සංවිධාන ලේඛනය පහත දක්වා ඇත.

  1. ශ්‍රී ලංකා තවුහිද් ජමාත්(SLTJ)
  2. එක්සත් තව්හිද් ජමාත් (UTJ)
  3. සමස්ත ලංකා සව්හිද් ජමාත් (ACTJ)
  4. සිලෝන් තවුහිද් ජමාත් (CTJ)
  5. සේව් ද පර්ල්ස් සංවිධානය (Save the pearls)
  6. දාරුල් අදර් @ ජමි උල් අදර්
  7. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)
  8. හ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා (SLISM)
  9. සුපර් මුස්ලිම් සංවිධානය (Super Muslim)
  10. අයි.එස්.අයි.එස්. සංවිධානය (ISIS)
  11. අල් කයිඩා සංවිධානය (AL-Qaeda)

Related articles

Recent articles

spot_img