spot_img
spot_imgspot_img

දේවානි වෙනුවෙන් පරිසරය උදෙසා රාජ්‍ය නිලධාරියෝ පෙරට එති

පුවත්

විදෙස්

ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක වෙත දේශපාලකයන් විසින් අනිසි බලපෑම් එල්ල කිරීම තරයේ හෙළා දකින බවත් ඇයට එරෙහිව ඇතැම් පාර්ශව විසින් එල්ලකරන චෝදනා පදනම් විරහිත බවත් පරිසරය උදෙසා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම සංගමයේ ලේකම් ඩබ්ලිව්.ආර්.පද්මකුමාරගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියට අදාලව මීගමුව කලපුවෙන් ඉවත්කළ පස් හා අපද්‍රව්‍ය තොගයක් කඩොලාන පරිසර පද්ධතියක් සහිත දූඵතක් වෙත එකතු කිරීමට එහෙරවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇති වයි. එලෙස එකතුකර ඇති පස් සහ අපද්‍රව්‍ය එම ස්ථානයෙන් ඉවත්කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස ද මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට අධිකරණය මගින් නියෝගයක් ද නිකුත් කර තිබේ.

නමුත්, සිදුව ඇත්තේ එම අධිකරණ නියෝගය නොසළකා හරිමින් එම ආයතනය විසින්ම තවදුරටත් ව්‍යාපෘතියේ කටයුතු සිදුකිරීමට අදාල නිර්දේශ ඉල්ලා සිටීමයි. එම නිර්දේශ ලබාදිය නොහැකි බව දිසා වන නිලධාරිනිය සංවර්ධන කමිටුවට දැනුම් දී තිබේ.

එම කරුණු දැක්වීමේ දී සිදුවන්නේ අධිකරණ නියෝගය පවා නොතකා සිටින ආයතනයට විරුද්ධව කිසිදු පාර්ශවයක් කරුණු නොදක්වා නීතිමය රාමුව තුළ කටයුතු කරන රාජ්‍ය නිලධාරිනියට පදනම් විරහිතව චෝදනා නැගීමයි. මේ ආකාරයට නීතිගරුක රජයේ නිලධාරීන් මර්ධනය කිරීමට උත්සාහ ගැනීම තරයේ හෙළා දකින අතරම නීතිය අනුව කටයුතු කරන රාජ්‍ය නිලධාරී නිලධාරිනියන්ට එල්ලකරන අනිසි බලපෑම්වලට එරෙහිව පරිසරය උදෙසා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති එකමුතුව නිරන්තරව පෙනී සිටින බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

පරිසරය ආරක්ෂා කර ගනිමින් එහි තිරසාර පැවැත්ම උදෙසා පවතින නෛතික රාමුව තුල සිට කටයුතු කිරීමත්, රටෙහි සංවර්ධන කටයුතුවලට දායක වීමත් සහ එම ක්‍රියාවලිය සිදු කිරීමේදි යම් නිලධාරියෙකුට හෝ නිලධාරිනියකට අගතියක් සිදු වේ නම් ඒ වෙනුවෙන් පෙනී සිට කටයුතු කිරීමට තම එකමුතුව ඉදිරිපත් වන බව ද ලේකම් පද්මකුමාර සඳහන් කර ඇත.

එමෙන්ම මෙම පරිසරය උදෙසා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති එකමුතුව යනු දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක අරමුණු වෙනුනේ ක්‍රියා නොකරන සංවිධානයක් බවත් ස්වාධීන අදහස් හා මතවාද දරන එකමුතුවක් බවත් ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!