spot_img
spot_imgspot_img

දුර්වල පාලනය නිසා මහපොළ අරමුදලට කෝටි ගණනක පාඩුවක්

පුවත්

විදෙස්

මහපොළ අරමුදලට වාසිදායක ලෙස තිරණය ගැනීමට එහි පරිපාලනය කළමනාකාරීත්වය හා පාලනය සිදුකරන මහපොළ භාරකාර මණ්ඩලය තමන්ට පැවරී ඇති අධිකාරී බලය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් මහපොළ අරමුදලට 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා මූල්‍යමය හා මූල්‍යමය නොවන පාඩු සිදුව ඇතැයි පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

මෙම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන් එවකට කළමනාකරීත්වය වගකිව යුතු බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇතැයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී කී‍වේය.

මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT) සමඟ 2003 වර්ෂයේ දී එළැඹ ඇති ගිවිසුමකට අනුව මහපොළ භාරකාර අරමුදලට රුපියල් කෝටි 138කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණ ද භාරකාර මණ්ඩලයේ පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් එම මුදල් අහිමි වී ඇතැයි ද මහාචාර්ය හේරත් පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ලාභයෙන් 50%ක් මහපොළ අරමුදලට ලැබිය යුතු වුව ද රුපියල් 516,436,257.00ක් වූ මුදල් ප්‍රමාණයක් කළමනාකාරීත්වය විසින් ලබාගෙන නැත. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට (online) ලොතරැයි අළෙවිය සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සේවා ආයතනයක් තෝරාගැනීම හේතුවෙන් ද මහපොළ අරමුදලට රුපියල් 673,913,043.00ක මුදලක් අහිමි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!