දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වය වැළැක්වීමට වත්මන් රජය චක්‍රලේඛයකින් ගන්නා උත්සාහයට බලවත් අප්‍රසාදය පළකරන බවත් වාහම එය හකුළාගන්නා ලෙසත් දකුණු පළාත් ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
දකුණු පළාත් ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමයේ සභාපති මාධ්‍යවේදී කමල් විජේහේවා සහ ප්‍රධාන ලේකම් මාධ්‍යවේදී ගාමිණී මහදුර දෙදෙනාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මාධ්‍ය නිදහස සුරක්ෂිත කරමින් මාධ්‍යවේදීන්ට හා ආයතනවලට කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් ඇතිකරන බව පොරොන්දු දෙමින් බලයට පත්වූ වත්මන් රජය මාධ්‍ය නිදහස සීමා කරමින් බියගුළු ලෙස හැසිරීම ජනතාවේග තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කරන මරු පහරක් බව ද එම සංවිධානය පෙන්වාදෙයි.
සම්බන්ධීකරණ කමිටු වාර්තා කිරීම මාධ්‍යයට වාර්තා කිරීම යනු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හඬ නිහඬ කිරීමට ගන්නා අසාර්ථක උත්සාහයක් බවත් මීට එරෙහිව එම සංගමය අනෙකුත් සියලු මාධ්‍ය සංගම් සමඟ එක්ව කටයුතු කරන බවත් දන්වා සිටියි.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙරට සිව්වැනි ආණ්ඩුව යනු ජනමාධ්‍ය බවයි. වරින් වර ජනතාව විසින් තාවකාලිකව පවත්කරන දේශපාලකයන් ජනතාවගේ තොරතුරු දැනැගැනීමේ අයිතිය අවබෝධ කරගත යුතු බවත් ජනමාධ්‍යයට තහංචි දමා ඉතිහාසයේ කුණු කූඩයට නොවැටෙන ලෙස දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.