-4.8 C
New York

වාර විභාගයට ලියමින් සිටි සිසුවියක් මියයයි

Published:

වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයමින් සිටි සිසුවියක අද (06) හදිසියේම අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙලෙස මි‍යගොස් ඇත්තේ වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කාටුපුලියන්කුලමේ පදිංචි 14 හැවිරිදි දැරියකි.

හදිසියේ ම අසනීප වූ ඇය වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රිතාකර සඳහා පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇත. එහි දී ඇය මියගොස් තිබේ.

දැරියගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර පීසීආර් පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහි ප්‍රතිඵල ලැබුණු පසු හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img