-5.9 C
New York

අගරදගුරුගේ රෙදි නැති කතාවට කණගාටුවන බව මෛත්‍රී කියයි

Published:

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් තමන් පිළිබඳ කරන ලද ප්‍රකාශය පිළිබඳ කණගාටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (05) කීවේය.

ඔහු මේ බව කියා සිටියේ නාවල දී පැවැති ශ්‍රී ලංකා නිදහස් සේවක නියෝජිත මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ කාදිනල්තුමාගේ ප්‍රකාශය පිටුපස කිසියම් දේශපාලන හස්තයක් තිබේදැයි සැකක් ඇති බවයි. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති ජනාධිපති කොමිෂන් වාර්තාවේ කිසිම තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු වී නැතැයි ද දයාසිරි ජයසේකර කීවේය.

එමෙන්ම කෙනෙකු උසාවියකින් වරදකරුවකු වනතුරු වරදකරුවකු ලෙස නොසැළකිය යුතු බවත් ජනාධිපති කොමිෂමෙන් දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස පමණක් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img