-4.8 C
New York

වෛද්‍ය පුරප්පාඩු 4000ක් රට පුරාම

Published:

වෛද්‍යවරු 4000ක් සඳහා රට පුරා පුරප්පාඩු ඇතැයි සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. මේ හේතුවෙන් සියළුම ශ්‍රේණිවල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා වැඩිකරන ලෙස ද ඇමතිවරිය ඉල්ලා ඇත.

දැනට රටේ වෛද්‍ය පුරප්පාඩු 4000ක් තිබෙන බවත් ඉදිරියේ දී සිදුකිරීමට සැළසුම් කර ඇති සෞඛ්‍ය සැළසුම් හේතුවෙන් එම පුරප්පාඩු සංඛ්‍යාව 7000ක් දක්වා ඉහළ යන බවත් ඇමතිවරයිි පවසා තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ වෛද්‍යවරු විශ්‍රාම යාමෙන් තවත් බරපතල අර්බුදයක් හටගත හැකි බැවින් ඔවුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටින බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි දැනුම් දී ඇත. රාජ්‍ය සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරුයකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63ක් වන අතර ශ්‍රේණිගත වෛද්‍යවරයකුගේ විශ්‍රාම ගැන්වීමේ වයස පවතින්නේ 61 ලෙසිනි.

Related articles

Recent articles

spot_img