-4.8 C
New York

වෛද්‍යවරු සේවය පැහැර හරිද්දී ගාල්ල නගර සභාවට අලුතෙන් වෛද්‍යවරු බඳවාගනී

Published:

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇත. අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් මස  18 ලෙස සඳහන් කර ඇති අතර මේ සම්බන්ධ දැන්වීම් පුවත් පත්වල ද ප්‍රසිද්ධ කර තිබේ.

මෙවැනි බඳවාගැනීමකට හේතු වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ සහකාර වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ වෛද්‍යවරු දෙදෙනාම පසුගිය ‍මාර්තු මස 20 වැනි දින සිට නගර සභාවේ රජාකාරී කටයුතුවලින් ඉවත්ව රාජකාරී පැහැර හරිමින් සිටීමයි.

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට වෛද්‍යවරුන් අනුයුක්ත කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි. නමුත් නගර සභා ආඥා පනත අනුව අයදුම් පත්‍ර කැඳවා වෛද්‍යවරු බඳවාගැනීමේම හැකියාව ද නගර සභාව සතුව ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ පෙළඹවීම මත ඉහත වෛද්‍යවරුන් දෙදෙනා මේ වනවිට සේවය පැහැර හරිමින් සිටින අතර ඒ හේතුවෙන් නගර සභා සීමාවේ කොරෝනා මර්ධන කටයුතු, ඩෙංගු මර්ධන කටයුතු සහ එන්නත් කිරීම් මෙන්ම දෛනික සායන පැවැත්වීම් ද අඩාල වී තිබේ.

ගාල්ල නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර කියා සිටි‍යේ සෞඛ්‍ය අංශයේ ඇතිවී තිබෙන ගැටලුව හේතුවෙන් එම අර්බුදය විසඳීම සඳහා ගාල්ල මහ නගර සභාවට කොන්ත්‍රාත් පදනම යටතේ වෛද්‍යවරයෙක් බඳවා ගැනීමට තීරණය කළ බවයි.

රජයේ වෛද්‍ය නිලධාාරීන්ගේ සංගමය පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ නගර සභාවේ වෛද්‍යවරු දෙදෙනාට ආරක්ෂාවක් නොමැති බැවින් ඔවුන් නගර සභාවෙන් ඉවත්ව වෙනත් තැනකට ගෙන ගිය බවයි. නමුත් එම ස්ථානයට නගර සභාව පහසුකම් නොදුන් බැවින් අපි අපේ වෛද්‍යවරුන් දෙදෙනා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ගෙන යන බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා කීවේය.

නමුත් එම සංගම‍යේ වෛද්‍යවරුන් තේරුම් නොගන්නා දෙයක් වන්නේ වෛද්‍යවරුන් අපේ වෛද්‍යවරුන්යැයි කියමින් ඔවුන්ගේ හිතුමතයට කටයුතු කළ නොහැකි බවයි. එමෙන්ම මහ නගර සභාවක් යනු සෞඛ්‍ය අංශය ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි. ඒ සඳහා වෛද්‍යවරුන් බඳවා ගැනීම හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුයුක්ත කිරීම සිදුකරයි.

Related articles

Recent articles

spot_img