හිමිවරු පිරිසක් රටේ නම වෙනස් කරන්න යැයි කියති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා යන නම වෙනස් කර “සිංහලේ” යනුවෙන් නම් කළ යුතු බවට නව ව්‍යවස්ථාව සම්පාදනය කළ විද්වත් කමිටුවට භික්ෂූණ් කිහිප දෙනකු විසින් යෝජනා කර තිබේ. මෙම යෝජනාව බාර දී ඇත්තේ ශ්‍රී රෝහණ පර්ශවය වෙනුවෙන් එහි අනුනායක ඕමාරේ කස්සප හිමියන් විසිනි.

කස්සප හිමියන් පවසන්නේ රටේ නම සිංහලේ විය යුතු අතරම රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතු බවයි. හිමියෝ මෙසේ  ද කීහ.

“මේ රටේ නම වෙනස් කරලා රාජ්‍ය භාෂාව බවට සිංහල භාෂාව පත්කරලා අපේ රටේ තිබුණු ඓතිහාසික බෙදීම් අනුව රුහුණු, මායා, පිහිටි කියන බෙදීම අනුව පරිපාලනය කළ යුතුයි. අපේ මෙම යෝජනා ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි සිතනවා.”

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව ස්ථාපිත කර තිබේ. එම ස්ථානයට ගිය භික්ෂූන් වහන්සේලා තම අදහස් හා යෝජනා ඉදිරිපත්කරනු ලැබීය.

ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේ කීහ.

“අපි මහපොළව ගැන විතරක් නෙමෙයි අහස සහ මුහුද, සතා සිවුපාවා ගැනත් කරුණු ඉදිරිපත් කළා. තවත් කරුණු රැසක් ගැන කරුණු ඉදිරිපත් කළා. ඒවා ඉටු නොකළොත් අපිට ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද කියලත් අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි,”

පළාත් සභා අහෝසි කිරීමටත් දිස්ත්‍රික් සංවර්ධන සභාව බල ගැන්වීමටත් භික්ෂූන් වහන්සේලා යෝජනා කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles