-4.8 C
New York

වසර අවසානය දක්වාම වාහන ගෙන්වීම තහනම්

Published:

වාහන ආනයනය කිරීමේ පහසුකම් ලබාදීම මේ අවස්ථාවේ කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු පවසන්නේ වාහන ආනයය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතත් මේ වසර අවසානයේ දී කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මෙසේ ද කී‍වේය.

“වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කරන්න කියා ඉල්ලීම් විශාල වශයෙන් ලැබෙනවා. නමුත් ආනයනය කිරීම සඳහා නැවත පහසුගම් ලබාදී මේ අවස්ථාවේ දී අපහසු කාරණයක්. මේ වසර අවසානයේ වගේ අපි සියලුම තත්ත්වයන් සළකා බලා තීරණයක් ගන්නවා. ඉදිරියට මේ සීමා ලිහිල් කරන්න පුළුවන් ද ? නැතිනම් සීමා තවදුරටත් පවත්වාගෙන යනවා ද කියා. එතෙක් ආනයන තහනම ක්‍රියාත්මක වෙනවා.‍ කොරෝනා වසංගතයත් සමඟ අපේ විදේශීය අංශ අපි හිතුව තත්ත්වවයට වර්ධනය වෙලා නැහැ. සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීමක් සිදුවුණා. මෙය විශාල අභියෝගයක් වෙලා. තවමත් ලෝකයේ සංචාරක කර්මාන්තය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා නැහැ. මේ නිසා අපිට ලොකු අභියෝගයක් තිබෙනවා. මෙවැනි බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේවා සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු අපිට යම් යම් කටයුතු සම්බන්ධයෙන් සීමාවන් පවත්වාගෙන යාමට සිදුවෙනවා.”

Related articles

Recent articles

spot_img