spot_img
spot_imgspot_img

පස්සර මාරක බස් අනතුරේ රියදුරුගේ හැඳුනුම්පත ගමන් බලපත්‍රය හොරට හදලා ?

පුවත්

විදෙස්

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීගොස් 14 දෙනකුට දිවි අහිමිවූ බස් අනතුරේ දී බසයේ රියදුරා සතුව ඇති රියදුරු බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් යැයි අනාවරණය වී තිබේ. එමෙන් ම ඔහු ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පත ද ව්‍යාජ බව තහවුරු වී ඇත.

මෙම බසය පැදවූ කොඩිතුවක්කු ආරච්චිලාගේ නිහාල් චන්ද්‍රකාන්ත නැමැති රියදුරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි. ඔහු අධිකරණයට දැනුම් දී ඇත්තේ තම රියදුරු බලපත්‍රය මිරිහාන පොලිසිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බැවින් පොලිසිය දුන් තාවකාලික බලපත්‍රය ඇති බැවින් රිය පැදවූ බවත් පවසා තිබේ. ඒ අනුව කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ පොලිසියට ඔහු දී ඇති රියදුරු බලපත්‍රය ව්‍යාජ එකක් බවවයි.

එම රියදුරු බලත්‍ර අංකයට ගම්පහ ලුණුවල ප්‍රදේශයේ අයකුගේ නමින් වලංග රියදුරු බලපත්‍රයක් නිකුත් කර තිබේ.

‍පොලිසිය පවසන්නේ මොහු විසින් ලබාදුන් ජාතික හැඳුනුම්පත පරීක්ෂා කිරීමේ දී එම හැඳුනුම්පත් අංකයට අදාලව ගම්පහ බෝවල පදිංචි කරුවකු ද සිටින බව පොලිසිය පවසයි.

මෙම ගැටලුව පිළිබඳ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!