-4.8 C
New York

අසැබි වචනයෙන් බැන පහරදීමට ගිය චීවරධාරියා අත්අඩංගුවට ගනී

Published:

ගම්වාසීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර පහරදීමට තැත්කරමින් අශෝභන ලෙස හැසිරිණු ගිංතොටත තුන්මහල් විහාරයේ සිටි වීරකැටියේ සංජය නමැති චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම තැනැත්තා භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ද රැකියාවක නිරතවන අතර ගම්වාසීන් පවසන්නේ විහාරස්ථානයේ සිටිය ද භික්ෂුවක් ලෙස සැළකීමට නොහැකි බවයි.

ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් ගැමියන්ට පහර දීමට තැත්කරන අවස්ථාවේ ද ගාල්ල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු එම ස්ථානයේ රැඳී සිටියහ. පොලිසිය පවසන්නේ ඔහුට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බැවින් පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවයි.

අත්අඩංගුවට ගත් ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ඇති අතර එම වාර්තාවෙන් ද තහවුරු වී ඇත්තේ එම අවස්ථාව වනවිට ද බීමත්ව සිටින බවයි.

Related articles

Recent articles

spot_img