-5.9 C
New York

ගාල්ලේ පන්සලක හිමිනමක අශෝබන හැසිරීම (වීඩියෝ)

Published:

දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස සේවය කරන ගාල්ලේ ගිංතොට තුන්මහල් විහාරයේ වැඩවාසය කරන භික්ෂුවක් ගම්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දීමට ද උත්සාහ ගනිමින් කළහකාරී ලෙස හැසිරෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යවලට නිකුත් වී තිබේ.

මෙම භික්ෂුව හා කාන්තාවන් කිහිප දෙනකු අතර ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ගම්වැසියන් ඒ බව පොලිිසියට දැනුම් දී ඇත. පොලිසිය මේ පිළිබඳ සොයා බැලීමට විහාරස්ථානයට පැමිණි අවස්ථා‍වේ දී ද එම හිමියෝ ගැමියන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහරදීමට උත්සාහ ගනිමින් හැසිරුණු ආකාරය අසල්වැසියකු විසින් පටිගත කරතිබුණේ මේ ආකාරයෙනි.

මේ හිමියන් පොලිසිය සිටින බව හෝ නොසළකමින් පුද්ගලයන්ට පහර දීමට පවා උත්සාහ ගනී. ගම්වාසීන් පවසන්නේ හිමියන් බීමත්ව මෙසේ කටයුතු කළ බවයි. එම බෞද්ධ භික්ෂුව නිතරම මේ ආකාරයෙන් හැසිරෙන බවත් එය ගැමියන්ට දැඩි පීඩාවක් බවත් ඔවුන් පොලිසියට සඳහන් කර ඇත.

(අසභ්‍ය වචන ඇති බැවින් වීඩියෝවෙන් එම වචන ඉවත්කර ඇත.)

Related articles

Recent articles

spot_img