ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරී දේවානි ජයතිලක අද (30) යලිත් වතාවක් රජයේ මැති ඇමැතිවරු සමඟ විවාදයකට පැටලුනාය. ඒ මීගමුව කළපුවේ රොන් මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙනි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ ප්‍රසන්න රණවීර දෙදෙනා කියා සිටියේ මිලියන 600ක රොන් මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය නොදීම හේතුවෙන් අතරමග නතර වී තිබෙන බවයි. දේවානි ජයතිලක පවසන්නේ මේ සඳහා වන අපරාධකරුවකුට අවසර දිය නොහැකි බවයි. එමෙන් ම එය ප්‍රමාද වූයේ ධීවර අමාත්‍යාංශයේ වරදින් බවත් ඇය කියා සිටියාය. මේ සම්බන්ධයෙන් දේවානි ජයතිලක සහ ඇමතිවරු අතර මත ගැටුමක් ඇතිවිය.



