ආනයනය කරන ලද පොල්තෙල්වල අඩංගුවන බව කියන ඇෆ්ලාටොක්සීන් යනු කුමක් ද ?
ඇෆ්ලාටොක්සින් යනුවෙන් හඳුන්වන්නේ බඩ ඉරිඟු (ඉරිඟු), රටකජු, කපු බීජ හා ඇතුළු වෙනත් ශාඛමය ඵලදාව හෙවත් කෘෂිකර්ම භෝග මත වර්ධනය වන දිලීරයක් මගින් නිපදවනු ලබන විෂ වර්ගයකි.
ඇෆ්ලාටොක්සීන් නිපදවන ප්‍රධාන දිලීර වන්නේ ලෝකයේ උණුසුම් හා තෙතමනය සහිත ප්‍රදේශවල බහුලව හමුවන Aspergillus flavus (ඇස්පර්ගිලස් ෆ්ලෙවස්) සහ Aspergillus parasiticus (ඇස්පර්ගිලස් පැරසිටිකස්) නමැති දිලීර විශේෂ දෙකයි. භෝග වර්ග ගබඩා කිරීමේ දී මෙම දිලීර වර්ධනය වී විෂ ආහාරයට එකතු වේ.
මිනිස් සිරුරට ඇෆ්ලාටොක්සින් එකතුවන්නේ කෙසේ ද ?
දිලීර වර්ධනය වූ දූෂිත ආහාර වර්ග කෑමට ගැනීමෙන් හෝ එවැනි දූෂිත ආහාර අනුභව කළ සතුන්ගේ මස් හෝ කිරි නිෂ්පාදන අනුභව කිරීමෙන් මිනිස් සිරුරට ඇෆ්ලාටොක්සින් ඇතුළු වේ. දිලීර වර්ධනය වී දූෂිත වූ භෝග හෝ ආහාර සැකසීමේ දී ඉන් පිටවන දුහුවිලි සහ වාතය සමඟ ඇති දිලීර විෂ ආශ්වාස කිරීමෙන් ගොවීන් හා අනෙකුත් කෘෂිකාර්මික සේවකයන් මේ විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වෙයි.
ඇෆ්ලාටොක්සින් සිරුරට එකතුවීමේන ඇතිවන පිළිකා වර්ග මොනවා ද ?
ඇෆ්ලාටොක්සීන් මගින් අක්මා පිළිකා ඇතිකරයි
ඇෆ්ලාටොක්සීන් සිරුරට එක්වීම වළක්වාගන්නේ කෙසේ ද ?
විවිධ බෝග වර්ග ආහාරයට ගැනීමේ දී පුස් සෑදුණු හා දුර්වර්ණ වූ හෝ බුරුල් වූ ගෙඩි ආහාරයට නොගෙන සිටීමෙන් ඇෆ්ලාටොක්සීන් අවදානමනේ මිදිය හැකිය. මේ අවදානම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ආහාර පරිපාලන අධිකාරිය රටකජු, රටකජු ආශ්‍රිත නිෂ්පාදන, බටර් වැනි කිරි ආහාර අනිවාර්යයෙන් ම ඇෆ්ලාටොක්සීන් සඳහා පරීක්ෂා කිරීම සිදුකරයි. එම පරීක්ෂණ ආරම්භවීම හේතුවෙන් ඇමෙරිකාවේ මෙ වනවිට ඇෆ්ලාටොක්සීන් හේතුවෙන් මිනිසාට ඇතිවන රෝග කිසිවක් වාර්තා වී නැත. නමුත් සංවර්ධනය වෙමින් පවතින හා ඌණ සංවර්ධිත රටවල මෙම විෂ හේතුවෙන් ඇතිවන රෝග බහුලව වාර්තා වෙයි.
ඇෆ්ලාටොක්සීන් අඩංගුවන්නේ පොල්තෙල්වල පමණක් නොවේ. එය අප කෑමට ගන්නා ඕනෑම ආහාරයක තිබිය හැකි බව විශේෂඥයෝ කියති. ගෘහස්ථ වශයෙන් තෙල් හිඳීමට කොප්පරා වේලන විට එහි බැෙඳෙන පුස් ලෙස හඳුන්වන්නේ ද ඇෆ්ලාටොක්සීන් මුදාහරින දිලීර වර්ග බව ඔබ මෙතෙක් නොදන්නවා විය යුතුය.