නිව් කැලිඩෝනියා ජනතාව නිදහස ප්‍රතික්ෂේප කරයි

0
67

ප්‍රංශයට අයත් විදේශීය භූමි ප්‍රදේශයක් වන නිව් කැලිඩෝනියාවේ පැවැත්වුණු ජනමත විචාරණයකින් ප්‍රංශයෙන් නිදහස ලබාගැනීම සුළු වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.දූපත් සමූහයකින් සමන්විත නිව් කැලිඩෝනියාව වසර 170ක පමණ සිට ප්‍රංශයට අයත් භූමියක්ව පැවතිණ.ජනමත විචාරණයේ අවසාන ප්‍රථිපලයට අනුව මෙම දූපත් සමූහය ප්‍රංශයේ රැඳී සිටීමට කැමැත්ත පලකරමින් 53.26%ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.ඡන්දය ප්‍රකාශ කිරීම 85.6%ක් වැනි ඉහල මට්ටමක පැවතිණි.වසර දෙකකට පෙර පැවති ජනමතවිචාරණයකදී මීට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් 56.7%ක් ප්‍රංශයේ රැඳී සිටීමට කැමැත්ත ප්‍රකාශ කළහ. 2022 වසරේ ද  නැවත ජනමතවිචාරනයක් පැවැත්වීම නියමිතව ඇත.ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රථිපලය සම්බන්දව අදහස් පලකරමින් පවසා ඇත්තේ එය ප්‍රංශ රජය කෙරෙහි තැබූ විශ්වාසයේ සළකුණක් ලෙස පිළිගන්නා බවයි.කැලිඩෝනියානු දූපත්වල ආදිවාසී කනක් ජනකාව සහ යුරෝපීය පදිංචිකරුවන්ගෙන් පැවත එන්නන් ජීවත් වෙති.ජනගහනයෙන් වැඩි පිරිස යුරෝපීයයන් වන අතර කනක් ජනතාව 40%ක් පමණ වේ.කැලිඩෝනියාවේ නිකල් ලෝහ තැන්පතු විශාල වශයෙන් ඇති බැවින් ප්‍රංශය එය ආර්ථික වත්කමක් ලෙස සලකයි.වර්ථමානයේ කැලිඩෝනියාව විශාල ස්වාධීනත්වයක් භුක්ති විඳින නමුත් ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි කාරනා සඳහා ප්‍රංශය මත දැඩිලෙස රඳා පවතින අතර තවමත් පැරිසියෙන් විශාල සහනාධාර ලබා ගනියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here