කොරෝනා ආසාදනය වී වෛරසයට එරෙහි ප්‍රතිදේහ සහිත පුද්ගලයන් හඳුනාගැනීම සඳහා වඩාත් ලාභදායී සහ පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලාංකික මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
මෙලෙස ප්‍රතිදේහ හඳුනාගනු ලබන්නේ ඇඟිලිතුඩකින් ලබාගන්නා රුධි බින්දුවක් මාර්ගයෙනි. එය ඉතා ඉක්මණින් කළ හැකි පරීක්ෂණයක් වෙයි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද මෙම පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ මහාචාර්ය නීලිකා මලවිගේ, තායිවානය, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශයේ පර්යේෂකයන් සහභාගී වී ඇත.
පර්යේෂකයන් පවසන්නේ මෙම පරීක්ෂණය විශාල ලෙස භාවිතා කිරීමෙන් පර්යේෂකයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ට රටක හෝ ප්‍රදේශය ක ප්‍රජාව තුළ ප්‍රතිශක්තිය ඇතිකරන ප්‍රතිදේහ තිබේ ද යන්න පහසුවෙන් සොයාගත හැකිවන බවයි.
ප්‍රතිදේහයක් යනු ප්‍රෝටීනයකි. එය සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියාකිරීමේ දී ස්වභාවිකව නිපදවනු ලබයි. මෙම ප්‍රතිදේහ නිපදවීමට වෛරසය ආසාදනය වීම හෝ එන්නත් කිරීම හේතුවක් වෙයි.
කොරෝනා වයිරසයට එරෙහිිව ප්‍රතිදේහ තිබේ ද යන්න හඳුනාගත හැකි වාණිජ්‍යමය පරීක්ෂණ කිහිපයක් දැනටමත් ලෝකයේ භාවිතා වේ. නමුත් එම සියලු පරීක්ෂණ මිල අධික වන අතරම සංකීර්ණ රසායනාගාර ක්‍රියාවලියක් ද අවශ්‍ය වේ. එබැවින් එය අඩු ආදායම් ලබන රටවලට ඉතා අසීරු ක්‍රියාදාමයක් වී ඇත.
ඔක්ස්‍ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව ප්‍රතිශක්තීකරණ ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ඇලන් ටොවුන්සන්ඩ් මහතා පවසන්නේ මෙය හොඳ තාක්ෂණික විසඳුමක් බවයි.
“මේ පරීක්ෂණයට විශේෂ උපකරණයක් අවශ්‍ය නැහැ. එය කොරෝනා වයිරසයට එරෙහි ස්පයික් ප්‍රෝටීන් ප්‍රතිදේහ 90%ක් නිවැරදිව හඳුනාගන්නවා. අපි කරන්නේ අඩු වියදම් ප්‍රතික්‍රියාකාරකයක් කුඩා රුධිර සාම්පලයක් සමඟ මිශ්‍ර කිරීම පමණයි. පැයකට පසු රතු සෛල ගැටීමෙන් එය කැටි ගැසී රුධිර සාම්පලයේ කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිදේහ තිබෙනවා ද යන්න පෙන්වනවා.”
මහාචාර්ය ටොවුන්සන්ඩ් විසින් වත්වාගෙන යනු ලබන ටොවුන්සන්ඩ්-ජියැන්ටෙට් පුණ්‍යායතනය මෙම පරීක්ෂණ මිලියන 10ක් සඳහා අවශ්‍ය වන ප්‍රතික්‍රියාකාරක නිෂ්පාදනයට දැනටමත් අරමුදල් සපයා තිබේ.
“මේ අනුව අපි දැනටමත් අපේ පරීක්ෂණයට අදාල ප්‍රතික්‍රියාකාරකය ලෝකයේ ඕනෑම තැනක අවශ්‍ය පර්යේෂකයන්ට නොමිළයේ බෙදා හැරීමට කටයුතු කරනවා. නෝවේ, කොලොම්බියාව, තායිවානය සහ ශ්‍රී ලංකාව යන රටවල අපේ ප්‍රතිදේහ පරීක්ෂාව භාවිතා කරමින් ප්‍රධාන අධ්‍යයනයන් කරනවා. අපි රටවල් 21ක පර්යේෂකයන්ට අපේ පරීක්ෂණ ලබාදුන්නා.”