spot_img
spot_imgspot_img

කුඩා දරුවකුගේ අතට මාංචු දැමූ පොලිස් නිලධාරියා ලෝකයෙන්ම දොස්

පුවත්

විදෙස්

තම පාසලෙන් ඉවතට ඇවිද ගිය වයස අවුරුදු 05ක් වූ දරුවකුට තර්ජනය කරමින් අත්වලට මාංචු දමන ඇමෙරිකානු පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට නිකුත් වී ඇති අතර එය ලෝකය පුරා ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

මෙය සිදුකර ඇත්තේ මේරිලන්ඩ් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු විසිනි.

මෙම දරුවාට ඔවුන් කුඩා මෘගයකු යැයි කියමින් පහර දෙන බවට තර්ජනය කරයි. පොලිස් දෙපාර්ත‍මේන්තුව විසින් ම නිකුත් කරන ලද එම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ දරුවා හඬන විට එක් නිලධාරියෙක් නැවත නැවතත් දරුවාගේ මුහුණට ආසන්න වෙමින් කෑ ගසන ආකාරයයි.

මෙම දරුවාගේ මව 2020 ජනවාරි මාසයේ දී මේ සම්බන්ධයෙන් නඩු පවරා ඇත. වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ මව පැවරූ නඩුව විභාග වෙමින් පවතින බවයි. මේ හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ පාසල් පද්ධතිය සිද්ධිය විස්තරාත්මකව පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරයි.

පාසල පවසන්නේ මේ වීඩියෝව නැරඹීම අතිෂය දුෂ්කර දෙයක් බවයි. වැඩිහිටියන්ට මේ ‍ආකාරයට දරුවන්ට කෑ ගැසීමට හෝ තර්ජනය කිරීමට කිසිදු අයිතියක් හෝ නිදහස කරුණක් නැතැයි ද ‍පාසල් බලධාරීන් පවසයි.

“දෙමාපියන් සහ ආච්චිලා සීයලා වශයෙන් අපි දන්නවා දරුවන් පාසල් යනවිට ඔවුන් අපේක්ෂා කරන්නේ කාර්ය මණ්ඩලය දරුවන් හොඳින් රැක බලාගනීවි කියලා. ඔවුන් ආරක්ෂාකිරීම සහ අවශ්‍ය විට දී මැදිහත් වීමේ ක්‍රියාවලිය භාවිතා කරනු ඇති බවයි.”

එමෙන් ම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු මාධ්‍යවෙත පවසා ඇත්තේ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් සේවයේ යොදවා ඇති බවයි. සමස්ත සිදුවීම පිළිබඳ ගැඹුරු පරීක්ෂණයක් පැවැත්වූ බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!