-5.2 C
New York

රියදුරකුට අමානුෂික ලෙස පහර දෙන පොලිස් නිලධාරියා (වීඩියෝ දර්ශන)

Published:

පොලිස් නිලධාරියකු විසින් පන්නිපිටියේ දී පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි‍යෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ මෙලෙස පහර දෙන්නේ ලොරි රථ රියදුරකුට බවයි. එම රියදුරා විසින් පැදවූ ලොරියේ ගැටීමෙන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බපරතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත්කර ඇතැයි ද පන්නිපිටිය ප්‍රදේශයේ දී එම රියදුරාට පහර දෙන්නේ මහරගම පොලිසියේ ‍රථවහාන අංශයේ කොස්තාපල් වරයකු යැයි ද අජිත් රෝහණ පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙම අනතුරේ දී ඇතැම් විට ලොරි රියදුරා වරදක් කර තිබිය හැකි බවයි. මාර්ග නීති උල්ලංඝනය කර තිබෙන්නට හැකි බව ද ඔහු කියයි. කෙසේ වුව ද මෙලෙස පහරදීම පොලිසිය කිසිසේත්ම අනුමත නොකරන බව ද මේ පිළිබඳ පරීක්ෂණයක් කඩිනමින් වත්වන බව ද හෙතෙම කීවේය.

(වීඩියෝවේ අසභ්‍ය වචන ඇත)

Related articles

Recent articles

spot_img