තම පන්තියේ ම සහෝදර ශිෂ්‍යාවක බිය ගන්වා නිවසකට ගෙන්වාගෙන අපයෝජනයට ලක්කරන ලදැයි චෝදනා ලැබූ කැකිරාවේ පාසල් සිසුන් දෙදෙනකු ලබන 31 වැනි දා දක්වා පරිවාස භාරයේ තැබීමට කැකිරාව මහේස්ත්‍රාත් යූ.එස්.කේ.කේ.වෙරණියගොඩ නියෝග කළේය.
කුඩා අවදියේ ම මව අහිමිවීම හේතුවෙන් තම වැඩිමහල් සොහොයුරික සමඟ ජීවත්වන එම පාසල් ශිෂ්‍යාව සොයුරිය භාරයේ ම තබන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම ශිෂ්‍යාව වෙනත් සිසුවකු සමඟ කතා කරමින් සිටින ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ කළ සිසුවෙක් එය සොහොයුරියට පෙන්වන බවට බිය ගන්වා ඇය ඔහුගේ නිවසට කැඳවාගෙන තිබේ. පාසල් නිමවී මෙලෙස පැමිණෙන ලෙස දැනුම් දී ඇය පැමිණි පසු සිසුන් දෙදෙනා විසින් ඇය අපයෝජනයට ලක්කර තිබේ.
මෙම සිද්ධිය දැනගත් සිසුවියගේ සොහොයුරිය විසින් කැකිරාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය පරීක්ෂා කළ කැකිරාව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇයට ලිංගික අතවරයක් සිදුව නොමැති බවයි.
යළි මෙම නඩුව මාර්තු 31 වැනි දා කැඳවීමට නියමිතය.