ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විවිධ කතා

0
49

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොවිඩ් – 19 සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ බරපතලකම සම්බන්දව පරස්පර අදහස් දක්වන බව රොයිටර් පුවත් සේවය පවසයි.වෛද්‍යවරුන් පිරිසක් පවසා ඇත්තේ ජනාධිපතිවරයා සුවය ලබමින් සිටින බවයි. ඔක්සිජන් ලබාදීමෙන් පසු ඔහුගේ පෙනහළුවල තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින නමුත් සඳුදා වනවිට නැවත ධවල මන්දිරය වෙත යැවිය හැකිවනු ඇතැයි ද ඔවුහු පවසා ඇත.කෙසේවුවද වෛද්‍ය ෂෝන් පී කොන්ලි පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය කළින් තිබුණාට වඩා නරක බවයි. ට්‍රම්ප්ගේ රුධිර ඔක්සිජන් මට්ටම පෙර දිනවලදී පහතවැටී තිබුණු බවත් සිකුරාදා(02) උදෑසන ඔහුගේ ශරීර උෂ්ණත්වය බෙහෙවින් ඉහලගොස් තිබුණු බවත් කොන්ලි පවසයි.ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය අමේෂ් අඩල්ජා පවසන්නේ කොන්ලිගේ ප්‍රතිචාර අනුව ඒක්ස් කිරණ පරීක්ෂණවල නිව්මෝනියාව ඇති බවට යම් සලකුණු පෙන්නුම් කරන බවයි. ඒය සාමාන්‍ය තත්ත්වයක් නම් ඒ් බව ඔවුන් සඳහන් කරනුු ඇති බවද අමේෂ් පවසයි.ට්‍රම්ප්ගේ ප්‍රතිකාර වලට සම්බන්ද නොවන අනෙක් වෛද්‍යවරුන් පවසා ඇත්තේ ද ඔහුගේ ත්ත්වය දරුණු බවට සාක්ෂි ඇති බවයි. කොවිඩ් රෝගය බරපතල අවස්ථා වලදී භාවිතා කරන ඩෙක්ස්මෙතසෝන් වැනි ස්ටෙරොයිඩ කාණ්ඩයේ ඖෂධ මෙන්ම අභ්‍යන්තර ප්‍රතිවයිරස හා ප්‍රතිදේහ ප්‍රතිකාරක ද ලබාදෙන බව ඔවුහු පවසති. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට සුවය ලැබීමට දින 14ක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here