-4.8 C
New York

කැස්බෑ සිරුරු දෙකක් වැලිගමට ගොඩගසලා

Published:

වැලිගම කප්පරතොට වෙරළට මියගිය කැස්බෑවුන් දෙදෙනකුගේ මළ සිරුරු ගොඩගසා තිබූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කැසැබෑවුන් මුහුදේ යාත්‍රා කරන නැවක හෝ බෝට්ටුවක වැදීමෙන් මියයන්නට ඇතැයි ද මියගොස් දින කිහිපයකට පසු වෙරළට ගොඩගසා ඇතැයි ද වනජීවී නිලධාරීහු කියති.

එක් කැස්බෑවකුගේ කටුව කැඩීගොස් තිබූ අතර උදරය පැලී බිත්තර පවා එළියට පැමිණ තිබිණි.

(තරංග ගුණරත්න)

Related articles

Recent articles

spot_img