සීගිරියේ සිංහ පාදය අසළින් අද (28) අළුයම 4.00ට පමණ ගල මුදුනට නැගීමට තැත් කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය භාර නිලධාරී වරයා සහ නන්නාදුනන පුද්ගලයකුගේ ගමන වැළැක්වීමේ දී තමන්ට පහර දුන් බවට ආරක්ෂක නිලධාරීන් තිදෙනකු පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ බව පවසන එක් ආරක්ෂක නිලධාරියෙක් සීගිරිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔවුන් පවසන්නේ “එයා කවුද කියන කොට තොපි දන්නේ නැද්ද යකෝ මේ තමයි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ” යැයි කියමින් සීගිරිය මතට නැගීමට උථ්සාහ ගත් බවයි.
මේ අතර ආරක්ෂක නිලධාරීන් තමන්ට පහරදුන් බව පවසමින් සීගිරිය ව්‍යාපෘතිය භාර නිලධාරීවරයා ද පොලිසියට පැමිණිලි කර තිබේ. මේ පැමිණිලි දෙකම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව පොලිසිය පවසයි.