-4.8 C
New York

යාපනයේ කොරෝනා අවදානම තවත් ඉහළට

Published:

යාපනයේ කොරෝනා පැතිරීමේ අවදානම තවත් වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 143 දෙනකු වාර්තා වී තිබේ.

යාපනය තිරුනෙල්වේලි පොළතුළ සහ එහි වෙළෙඳසැල් තුළ සේවය කළ 127 දෙනකු, යාපනය රෝහලේ රෝගීන් 07ක් වෛද්‍ය ශිෂ්‍යයන් 03ක් හා සාත්තු සේවකයකු ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් පවසයි.

මේ අනුව ගත වූ සතියේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 292කි. යාපනයේ රෝහලෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 30 දෙනෙකි.

මේ හේතුවෙන් යාපනය නගරයේ කොටසක සංචරණ සීමා පනවා ඇත.

Related articles

Recent articles

spot_img