spot_img
spot_imgspot_img

කිවුල දී බවුසරයක් පෙරැළේ. ගැමියෝ තෙල් එකතු කරති

පුවත්

විදෙස්

තණමල්විල වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේ දී තෙල් බවුසරයක් අද (28) අළුයම පෙරැළී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ රියදුරා නින්දයාම හේතුවෙන් බවුසරය පාරෙන් ඉවතට පැමිණ මෙලෙස පෙරැළී ඇති බවයි. අනතුර සිදුව ඇත්තේ අළුයම 1.30ට පමණය.

පෙරැළීගිය බවුසරයෙන් පිටතට කාන්දුවන තෙල් භාජනවලට එකතුකිරීම ගැමියන් විසින් සිදුකරනු ලැබීය. දින 03 ක දී මෙලෙස පෙරැළී ගිය දෙවැනි තෙල් බවුසරයයි. මෙම බවුසර් දෙකේම තෙල් ගැමියන් විසින් එකතු කර තිබිණි. පොලිසිය පවසන්නේ තෙල් බවුසරයක් පෙරැළී ගිය අවස්ථාවක දී එලෙස තෙල් එකතු කිරිම විශාල අවදානම් කටයුත්ත්ක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!