-5.9 C
New York

එක් සමාගමක් ගෙන්වූ පොල්තෙල්වල පිළිකාකාරක ඇති බව තහවුරු වෙයි

Published:

පිළිකා කාරක රසායනිකයක් වූ ඇෆලටොක්සීන් අඩංගු පිරිසිදු නොකළ පොල්තෙල් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සමාගමක් ඒ සම්බන්ධයෙන් කරන ලද දෙවැනි පරික්ෂණයෙන් ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

මේ අනුව එම සමාගමට අදාළ තෙල් තොගය ප්‍රති අපනයනය කිරීමට සිදුවනු ඇත. ප්‍රමිති ආයතනය පවසන්නේ එම පොල්තෙල් තොගයේ ඇෆලටොක්සීන් තිබිය හැකි උපරිම ප්‍රමාණය ඉක්මවා තිබෙන බවයි. මෙලෙස අපිරිසිදු පොල්තෙල් ගෙන්වූ බවට චෝදනා ලැබ ඇති තවත් සමාගම් 03ක් සිය සාම්පල දෙවැනිවර පරීක්ෂාකරන ලෙස අභියාචනා කර ඇති අතර ඒ අනුව කරන ලද දෙවැනි පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල හෙට (29) ලැබීමට නියමිතය.

මෙම පොල්තෙල් සාම්පල යළිි පරීක්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකරයි.

Related articles

Recent articles

spot_img