-4.8 C
New York

කොළඹ නගරයේ හොරෙන් වතුර ගත් 220කට දඩ

Published:

කොළඹ නගරයේ හොරෙන් ජලය ලබාගෙන ඇති ස්ථාන 220ක් වටලා රුපියල් ලක්ෂ 104කට ආසන්න මුදලක් අයකරගත් බව බස්නාහිර පළාත් අනවසර ජල මැටලීම් ඒකකය පවසයි.

මෙලෙස හොරෙන් ජලය ලබාගත් ස්ථාන අතර ප්‍රභූ නිවාස, හෝටල්, සුපිරි වෙළෙඳ සැල්, අවන්හල් ආදී ස්ථාන රැසක් තිබෙන බව එම ඒක‍කයේ ප්‍රධාන ඉංජිනේරු කේ.ප්‍රේමකුමාර පවසයි. ඔවුන් මෙම 220 සොයාගෙන ඇත්තේ කරන ලද වැටලීම් 1422කිනි.

ඉංජිනේරු ප්‍රේමකුමාර මෙසේ ද කීවේය.

“මේ ආකාරයට හොරෙන් වතුර ගැනීම නිසා රජයට රුපියල් කෝටි  02කට වඩා පාඩුවක් සිදුව තිබෙනවා. ඉන් අපිට අයකරගත හැකි වුණේ රුපියල් 10,398,766.00ක මුදලක් පමණයි. ජලය හොරෙන් ගන්නා තවත් ස්ථාන කොළඹ නගරයේ තිබිය හැකියි. අපි දිගටම වැටලීම් කරනවා.”

Related articles

Recent articles

spot_img