-4.8 C
New York

අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට

Published:

මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ කිලිනොච්චියේ පලෙයි ප්‍රදේහයේ දී ඊයේ (26) රාත්‍රී කාරයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් කාරය පැදවූ පියා සහ දරු දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පලෙයි ධර්මකේනි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු සහ වයස අවුරුදු 14ක් හා 11ක් වූ ඔහුගේ පිරිමි දරුවන් දෙදෙනෙකි.

අනතුරින් බරපතල තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා පලෙහි රෝහලට ගෙනගොස් යාපනය රෝහලට මාරුකර යවන අතරතුර මියගොස් ඇති අතර දරුවන් දෙදෙනා කිලිනොච්චි රෝහලේ දී මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ ටිපර් රථයේ රියදුරු පලාගොස් ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත්කර ඇත.

(ඡායාරූප – Accident 1st)

වීඩියෝ දර්ශන

Related articles

Recent articles

spot_img