කොරෝනා තොරතුරු සැඟවුවහොත් වැඩ වරදී

0
42

කොවිඩ් – 19 රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොරෝනා ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ දී සහ විමර්ශනය කිරීමේ දී ඇතැම් පුද්ගලයන් සහ පාර්ශවයන් තමාට තිබූ රෝගී තත්ත්වයන් හෝ තමා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සැඟවීමට උත්සාහ කරන අවස්ථා වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව එවැනි පුද්ගලයන් නිරෝධායනය හා රෝග වැළැක්විමේ ආඥා පනත යටතේ සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ වැරදි කරුවන් වෙයි. එමෙන්ම එවැනි ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයකු ‍කොවිඩ් – 19 වැළඳීම හේතුවෙන් මරණයට පත් වුවහොත් අදාල තැනැත්තාට එරෙහිව අපරාධ නීතියේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

එමෙන් ම එවැනි රෝගි තැනැත්තන් සැඟවීමට යොදාගත් නිශ්චල හෝ චංචල දේපල ද නිරෝදායන සහ රෝග වැළැක්විමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව තහනමට ලක්කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here