-1.1 C
New York

උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි

Published:

නව මාදිලියක බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සිදුකළ බව උතුරු කොරියාව පවසයි. 

වසරක පමණ දිගු නිහැඬියාවකින් පසු උතුරු කොරියාව මෙම මිසයිල අත්හදාබැලීම සිදුකළේය. එසේම මෙය ඇමරිකාවේ ජනපති ලෙස ජෝ බයිඩන් මහතා පත්වීමෙන් පසු සිදුකළ ප්‍රථම මිසයිල අත්හදා බැලීමයි.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට කිලෝමීටර් 600ක් දුරින් පිහිටි ඉලක්කයක් වෙත මිසයිල දෙකක් යැවූ බවත් ඒවා ටොන් 2.5ක බරක් ගෙනයා හැකි නව මාදිලියක මිසයිල බවත් අද (26) උකුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 

“මෙවැනි දියුණු ආයුධ මගින් රජයේ යුධ බලය ඉහල නැංවිය හැකි අතර සියලු ආකාරයේ යුධ තර්ජන වලක්වා ගැනීමට වැදගත් වෙයි.” යනුවෙන් පරීක්ෂණය අධීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ නායක රී පියොං චොල් මහතා පැවසීය.

කෙසේවුවද මිසයිල අත්හදා බැලීමේ අවස්ථාවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා පැමිණ සිටියේ නැක.

මේ සම්බන්දව අදහස් දක්වමින් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා පවසා ඇත්තේ ඇමරිකාව මෙයට ප්‍රතිචාර දක්වනු ඇති බවයි. ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව මෙම පරීක්ෂණ හෙලා දැක තිබේ.

Related articles

Recent articles

spot_img