-4.8 C
New York

දුම්රිය දෙකක් ගැටී 32කට දිවි අහිමි වෙයි

Published:

ඊජිප්තුවේ දකුණු දිග සොහාග් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ තුවාල ලැබූ සංඛ්‍යාව 91ක් බවයි.

මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව එරට දුම්රිය අධිකාරිය පවසයි.

දුම්රිය මැදිරි දෙකක් පීලි පැන පෙරළි ජල මාර්ගයකට වැටී තිබේ. 

අනතුරට හේතුව සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති බව දුම්රිය අධිකාරිය පවසයි.

නඩත්තු කටයුතු දුර්වල වීම සහ දුම්රිය ගමනාගමන පද්ධතිය නවීකරණය නොවීම හේතුවෙන් ඊජිප්තුවේ දුම්රිය අනතුරු බහුලව සිදුවේ.

2002 වර්ෂයේ කයිරෝ නගරය ආසන්නයේ, ගමන් කළ දුම්රියක ඇතිවූ ගින්නකින් 373 දෙනෙක් මියගියහ.

https://www.bbc.com/news/world-middle-east-56540229

Related articles

Recent articles

spot_img