-5.9 C
New York

ජීවිත 14ක් අහිමිවන තුරු ඉවත් නොකළ ගල පුපුරුවා හරියි

Published:

පුද්ගලයන් 14 දෙනකුට මරු කැඳවමින් බසයක් අනතුරට ලක්වූ ස්ථානයේ මාර්ගයට කඩා වැටී තිබූ ගල ඉවත්කිරීම ඊයේ (25) ආරම්භ කෙරිණි.

මෙම ස්ථානයේ පිහිටි එම ගල අවට පදිංචිකරුවන්ට හානියක් නොවන පරිදි පුපුරුවා හරින බවත් මෙවැනි අවදානම් සහගත ස්ථාන පහක් එම මාර්ගයේ පිහිටා ඇති බැවින් එම ස්ථාන සම්බන්ධයෙන් ද සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර පවසයි.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ මෙම ගල ඉවත්කිරීම සඳහා තම මීට මාස හයකට පෙර නිර්දේශ ලබා දී තිබූ බවයි.

මෙම ගල මාර්ගයට වැටී තිබූ බැවින් පාරේ භාවිතා කළේ එක් මංතීරුවක් පමණි. එම ස්ථානයේ පහළින් විශාල ප්‍රපාතයක් පිහිටා ඇතත් මාර්ග සංවර්ධන අධිකාාරිය එහි සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නැත.

මාසය හයකට වැඩි කාලයක් මාර්ගය අවහිර වී තිබූ එම ස්ථානයේ වේගය සීමා කිරීමේ මාර්ග පැන්නුම් යෙදීමට, ප්‍රපාතය දෙසට ආරක්ෂිත වැටක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. බොහෝ දෙනකු පවස්නනේ මෙය වළක්වාගත හැකිව තිබූ අනතුරක් බවයි.  

Related articles

Recent articles

spot_img