spot_img
spot_imgspot_img

සිංහරාජයේ ජලාශ ව්‍යාපෘතියට UNESCO විරුද්ධයි

පුවත්

විදෙස්

සිංහරාජ වනාන්තර මධ්‍යයේ ඉදිකිරීමට සැළසුම් කර තිබූ ජලාශ ව්‍යාපෘති නතරකර දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. මෙම එකඟතාවට පැමිණියේ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික ක‍ොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත පවසයි.

“අපි අමාත්‍යවරයාට පැහැදිලි කළා මෙම ව්‍යාපෘතිය කළ නොහැකි දෙයක් බව. ඔහු එය පිළිගත්තා. සිංහරාජය ලෝක උරුම වනාන්තරයක්. මේ වනාන්තරයට හානියක් සිදුවෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. රජයත් එය පිළිිගත්තා. අපි තවදුරටත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නවා” යැයි ආචාර්ය මීගස්වත්ත පවසයි.

මෙම ජලාශ ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙස රජයට බලකරන ලෙස පරිසරවේදීන් හා සිවිල් ක්‍රියාකාරී සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයෙන් ඉල්ලීම් කර තිබිණි.

සොබාදහම් අධ්‍යයනය මධයස්ථානයේ ජාතික සම්බන්ධීකරාක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසන්නේ යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයේ අතීතය ගැන ‍සැළකීමේ දී මෙවැනි නිර්දේශයන්හි වලංගුභාවය පිළිබඳ ගැටලු ඇතිවන බවයි. පසුගිය දා ක්‍රියාත්ක වූ ලංකාගම මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව ද එම ආයතනය මෙවැනි ප්‍රකාශයක් කළ ද ලංකාගම මාර්ගය ඉදිකළ බව හෙතෙම පෙන්වා දෙයි.

රවීන්ද්‍ර කාරියවසම් පවසන්නේ මෙවැනි එකඟතාවකට පැමිණියේ නම් ඒ පිළිබඳ ලිඛිත ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!