-4.8 C
New York

පන්තිකාමරයක ළමුන් 15කට සිමා කරන්න යැයි උපදෙස්

Published:

බස්නාහරි පළාතේ පාසල් ලබන සඳුදා (29) යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (25) අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛය අනුව එම පාසල්වල පන්තියක එක්වරකට සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 15 දෙනකුට සීමා කර තිබේ.

ඒ අනුව පන්තියක ළමුන් 30 දෙනකු සිටින්නේ නම් කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පාසලට ගෙන්විය යුතු බවත් ළමුන් 45ක් සිටින්නේ නම් කණ්ඩායම් තුනකට බෙදා එක් කණ්ඩායමක් එක් සතියක් බැගින් ගෙන්විය යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

පාසල ආරම්භ කළ වහාම විභාග සහ තරඟ කටයුතු සඳහා දරුවන් යොමු නොකරන ලසෙ ද අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දක්වා තිබේ.

Related articles

Recent articles

spot_img