spot_img
spot_imgspot_img

කොරෝනා එන්නත් ගත් පිරිස අමාරුවේ ?

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය කිරීම සඳහා නිපදවන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත අපනයනය කිරීම තාවකාලිකව නවතා දැමීම එම එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට ගැටලු සහගත තත්ත්වයක් උදාවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට ඉන්දියාවේ නිෂ්පාදනය කරන එම එන්නතට ලෝකය පුරා දැඩි ඉල්ලුමක් තිබීමත්, ඊට ප්‍රමාණවත් නිෂ්පාදනයක් කිරීමට නොහැකිවීමත් හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ. එමෙන්ම ඉන්දියාවේ කොරෝනා තවත් රැල්ලක් ද ආරම්භ වී මේ වනවිට දෛනිකව ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තාවීම හේතුවෙවන් ඉන්දියානු රජය එරට වයස අවුරුදු 45ට වැඩි සෑම පුද්ගලයකුට ම එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

ඉන්දියානු රජය පවසන්නේ මේ හේතුවෙන් එන්නත අපනයනය කිරීම තාවකාලිකව නවතන බවයි. එසේ වුව ද මීට පෙර ශ්‍රී ලංකාවට එම එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ලැබුණු අතර එය ‍මෙරට ජනතාවගෙන් කොටසකට එන්නත් කෙරිණි. ඉදිරියට ලැබෙන එන්නත් දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමේ අපේක්ෂාව ඇතිව එම එන්නත් ලක්ෂ 5 පුද්ගලයන් ලක්ෂ 5ක් සඳහා ලබාදුන් බැවින් ඔවුන්ට දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා එන්නත ආනයනය කර ලබාදීමට සිදුව තිබේ.

ඉන්දියාව එන්නත අපනයනය කිරීම නවතා දැමීම හේතුවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එම එන්නත ලබාදීමෙන් කොරෝනා ආසාදනයෙන් වැළකී සිටීමට නොහැකිවනු ඇත.

නමුත් කළ යුතුව තිබුණේ ලැබුණු එන්නත් ලක්ෂ 05 මාත්‍රා දෙකක් ලෙස ලක්ෂ 2.5ක පිරිසකට ලබාදීමයි.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසන්නේ ඉන්දියාව එන්නත් අපනයනය කිරීම නවතා ඇතත් මීට පෙර ඇණවුම් කරන ලද එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බැවින් ගැටලුවක් ඇති නොවන බවයි.

කොරෝනා එන්නත මගින් සිදුකරන්නේ සිරුරේ ප්‍රතිශක්තීකරණය ඇතිකිරීමක් බැවින් ඉන්දියාවේ ඇස්ට්‍රසෙනිකා එන්නත න‍ොලැබුණ ද මීට පෙර එන්නත ලබාදුන් පිරිසට වෙනත් එන්නතක් ලබාදීමෙන් ද අපේක්ෂිත ප්‍රතිශක්තීකරණය ලබාගත හැකි බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!