spot_img
spot_imgspot_img

අභ්‍යාවකාශයෙන් අමුතු ජීවීන් හමු වූ බව NASA විද්‍යාඥයෝ හෙළි කරති

පුවත්

විදෙස්

අභ්‍යාවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධයස්ථානයේ දි මෙතෙක් පෘථිවියෙන් වාර්තා නොවූ ක්ෂුද්‍ර ජීවී විශේෂ 03ක් හමු වූ බව ප්‍රථම වරට අනාවරණය කර තිබේ.

NASA ආයතනයේ සේවය කරන එක්සත ජනපදයේ සහ ඉන්දියාවේ පර්යේෂකයන් පරිසක් frontiers in Microbiology ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවේ මාර්තු 16 වැනි දා නිකුත් වූ කලාපයේ මෙම කරුණු හෙළිදරව් කර තිබේ.

ඔවුන් පවසන්නේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධයස්ථානයේ විවිධ ස්ථානවලින් ක්ෂුද්‍ර ජීවීන් විශේෂ 04ක් හමු වූ බවයි. ඉන් තුනක් ම මෙතෙක් පෘථිවියෙන් වාර්තා නොවූ විශේෂ බවද ඔවුන් එමගින් අනාවරණය කර ඇත. ඔවුන් පවසන්නේ ඉන් විශේෂ තුනක් 2015 හා 2016 වර්ෂවල දී හඳුනාගත් බවයි. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉහළ පුවරුවක, කුපෝලා මොඩියුලය තුළ හා කෑම මේසය මතින් එම ජීවීන් සොයාගෙන ඇත. අනෙක් ක්ෂුද්‍ර ජීවී විශේෂ්‍ය 2011 වර්ෂයේ දී සොයාගෙන ඇත්තේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියට එවන ලද වා පෙරණයක රැඳී සිටිය දී ය. එම විශේෂය පෘථිවයෙන් මීට පෙර වාර්තා වූ විශේෂයකි.

පෘථිවියෙන් වාර්තා නොවූ අභ්‍යාවකාශයෙන් සොයාගන්නා ලද නව ක්ෂුද්‍රජීවී විශේෂ තුන IF7SW-B2T, IIF1SW-B5 සහ IIF4SW-B5 වශයෙන් තාවකාලිකව නම් කර ඇත.

විද්‍යාඥයන් පවසන්නේ මෙම විශේෂ තුනම පසෙහි හා මිරිදියේ වාසය කරන බැක්ටීරියා කාණ්ඩයකට අයත්වන බවයි. එම බැක්ටීරියා නයිට්‍රජන් තිරකිරීම, ශාකවලට හානිකර ක්ෂුද්‍රජීවී විශේෂ විනාශ කිරීම මෙන්ම ශාක වර්ධනයට උපකාරීවීම සිදුකරන බව ද අනාවරණය වී තිබේ.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වසර ගණනාවක සිට ආහාර බෝග වගා කිරීම සිදුකරමින් පවතින බැවින් පාංශු ක්ෂුද්‍රජීවීන් එම මධ්‍යස්ථානයෙන් හමුවන්නට ඇතැයි ද ඔවුහු සැක පළකරති. කෙසේ වෙතත් එහි පවතින අතිශය කටුක පරිසර තත්ත්වයන් මත පවා නිරුපද්‍රිතව ජීවී තත්ත්වයේ පවතින මේ ක්ෂුද්‍රජීවී විශේෂ තුනෙහි ජාන සැකැස්ම අධ්‍යයනය කිරීම අතිශය වැදගත් බව ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. එමෙන්ම මේ ක්ෂුද්‍රජීවී විශේෂ තුන වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඒවා විද්‍යාත්මකව නම් කිරීම ද අනාගතයේ දී සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!