-4.8 C
New York

ගාල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයට බේරුවල මන්ත්‍රී පත්කරලා

Published:

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බේරුවල දිස්ත්‍රික්කයේ පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් පත්කර තිබේ.

මෙම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති ‍අදාල මන්ත්‍රීවරයාගෙන් ගාල්ලේ ක්‍රියාමත්මක වෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ඇති ජනතා ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගත්ත ද ඔහු සම්බන්ධ කරගැනීමට කිසිදු අයුරකින් මාධ්‍යවේදීන්ට හැකියාවක් ලැබුණේ නැත.

මේ පිළිබඳ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර දැනුම්වත් කළ විට ඇය ලබාදුන් දුරකථන අංක ඔස්සේ ද දින 20කට වැඩි කාලයක් පුරා මන්ත්‍රීවරයා සම්බන්ධ කරගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවර‍යකු ලෙස මර්ජාන් ෆලීල්ගේ ක්‍රියාකාරීත්වය manthri.lk වෙබ් අඩවියෙන් නිරීක්ෂණය කළ විට පෙනී ගියේ හෙතෙම මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 220 වැනි ස්ථානයේ රැඳී සිටින බවයි. එමෙන්ම පක්ෂයේ මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම්වලට 144 වැනි ස්ථානයේ සිටින අදාල මන්ත්‍රීවරයා 2020 අගෝස්තු 20 වැනි දින සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ නියෝජනය කර ඇත්තේ එක් විෂයයක් පමණි. පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ ද එක් අවස්ථාවක් පමණි.

එම දත්ත පිළිබඳ සබැඳිය පහළින්

http://www.manthri.lk/si/politicians/marjan-faleel

Related articles

Recent articles

spot_img